වසර 3කට පසු වික්ටෝරියා දොරටු 4ම අරියි

ඔක් 25, 2018

    මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන්, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරුණි.

    වසර 03කට පසු ජලාශය වාන් දැමීම ආරම්භ වූයේ ඊයේ පස්වරුවේයි. පළමු සහ අටවැනි වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත විය. එහි අතිරික්ත ජලය මුදාහැරෙන්නේ රන්දෙණිගල ජලාශයටයි. ඊයේ සවස් වන විට ජලාශයේ ධාරිතාව ඉහළ ගිය බැවින්, දෙවැනි සහ 07 වැනි වාන් දොරටු අඟල් 6 බැගින් විවෘත කෙරිණ. වසර 03කට පසු ජලාශයේ පූර්ණ අලුත්වැඩියාවක් සිදුකෙරුණේ ඉකුත් සතියේදීයි.

    ජලාශයේ පාලන උපකරණ සියල්ල වයි - ෆයි තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය සහ පාලනය කළ හැකි වෙයි. ඒ, දිගන ප්‍රදේශයේ ස්ථාපිත මහවැලි ප්‍රධාන නඩත්තු කාර්යාලයේ සිටයි.

    මේ අතර, ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින්, වාරිමාර්ග දෙපස වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි, බලධාරීහු දැනුම් දෙති.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 16:18

    Latest News