නව වන වගා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අවසර

ජන 30, 2019

    නව වන වගා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමට, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මේ සඳහා වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල හෙක්ටයාර 500ක ඉඩම් හඳුනාගෙන ඇත. ව්‍යාපෘතිය මගින් දැව ඉල්ලුම සපුරාලීමට අමතරව, රැකියා ජනනය වන ආවරණය ඉහළ නැංවීම තුළින් ගෝලීය උණුසුම පාලනය සඳහා දායකත්වය සැපයීම අරමුණයි.


    සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය පිළිබඳ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

    ගුවන් තොටුපොළේ අවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 1,950ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් එය කඩිනමින් සිදුකර ගැනීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාව ඉදිරිපත් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ජනවාරි 2019 16:44

    Latest News