වෛද්‍ය පාදෙණියට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල

මාර් 03, 2021

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ට අදාළ ලිඛිත දේශන මැයි මස 10 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.

    මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබූණ.

    නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව වග උත්තරකරු විසින් සිදු කළ ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියක් ඉදිරිපත් කිරිමට අවසර ඉල්ලා සිටියා.

    එම ඉල්ලීමට වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා විරෝධය පළ කළා.

    ඉන් අනතුරුව මෙම කරුණට අදාළව මැයි මස 10 වනදා ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේ නීතිඥ වරුන්ට නියම කළා.

    2017 වසරේ කොළඹ පැවැති මහජන රැස්වීමකදී මාලබේ සයිටම්. පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙණිය මහතා කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    Latest News