වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ට එරෙහි පැමිණිල්ල විභාගයට දින නියම වෙයි

ඔක් 11, 2021

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය නොවැම්බර් මස 8 වනදා සිදු කිරීමට අභියාචනාධිකරණය නියම කළා.

    කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම නඩුව කැඳවීම කල් දමා තිබුණා.

    ඒ අනුව එම නඩුව අද කැඳවීමෙන් අනතුරුව එහි වැඩි දුර කර විභාගය නොවැම්බර් මස 8 වන දා සිදු කිරීමට ද අධිකරණය නියම කළා.

    සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

    අභියාචනාධිකරණය මගින් ප්‍රකාශිත සයිටම් නඩු තීන්දුව විවේචනය කරමින් කොළඹ පැවති මහජන රැස්වීමකදී අදහස් පළ කිරීම තුළින් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම නඩුව ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News