දින-දින හැඩවන කොළඹ නගරය (විඩියෝ)

ජන 29, 2019
  • කොළඹ මහ නගර සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කෙරුණු කොළඹ බාලදක්‍ෂ මාවත අද ජනතා අයිතියට පත් කෙරුණා.

    ඒ කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහතාමියගේ ප්‍රධානත්වයෙන්. ආරක්‍ෂක අමාත්‍යාංශය පිවිසුමේ සිට කොම්පඤ්ඤවීදිය අලියා වටරවුම දක්වා මාර්ගය සංවර්ධන කර තිබේ. එහි දුර කිලෝමීටර එකහමාරක්.

    එය මගී මංතීරු හතරකින් සමන්විතවේ. වැය කෙරුණු මුදල රුපියල් මිලියන 530ක්. දශක ගණනාවක් ජනතාව සඳහා මෙම මාර්ගය විවෘත වූයේ නැහැ. ඒ, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය මාර්ගය දෙපස පිහිටා තිබීම හේතුවෙන්.

    ප්‍රදේශයේ නව සංචාරක හෝටල් සහ නිවාස සංකීර්ණ ඉදිවීම හේතුවෙන් මෙම මාර්ගය සංවිධානය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබේ. මාර්ගය සංවර්ධනය කිරීමත් සමඟ පිටකොටුව හා කොම්පඤ්ඤවීදිය අතර රථවාහන තදබදයට විසඳුමක් ලැබෙනු ඇත.

    Last modified on බදාදා, 30 ජනවාරි 2019 11:14

    Latest News