විදුලිබල උත්පාදනයේදී නිර්භීත දේශපාලන තීන්දු ගත යුතුයි (වීඩියෝ)

ජන 28, 2019

    විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් නිර්භීත දේශපාලන තීන්දු ගත යුතු බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

    එසේ නොමැති වුවහොත් සමස්ත රටම අඳරට ගමන් කරනු ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ. හරිත බලශක්ති ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    ඔහු මේ බව කියා සිටියේ, හරිත බලශක්ති ශූරයා-2019 තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. මෙය සංවිධාන කළේ ජර්මානු අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සිය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියයි. සිවිල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට හරිත බලශක්ති සම්බන්ධයෙන් යෝජනා, තරගාවලියට ඉදිරිපත් කළ හැකියි.

    www.greenenergychampion.lk නමින් තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ද එළි දැක්වුණා. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති, ජෝන් රොඩ් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 21:30

    Latest News