මහබැංකු බැදුම්කර වංචා නඩුව මාර්තු මස 18 වනදා කැඳවීමට නියෝග (වීඩියෝ)

පෙබ 19, 2021
  • හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහි නඩුව මාර්තු මස 18 වනදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළා.

    ආන්දෝලනයකට තුඩුදුන් 2015 වසරේ පැවතීීීී ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වෙන්දේසිිිියකදී රුපියල් බිලියන 10000 කට අධික භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස සාපරාධී සාවද්‍ය පරිහරණය කර රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කළ තිබුනා.

    මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූවා.

    එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව මෙහෙයවන අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන හා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ යන මහත්වරුන්ට අද දින පෞද්ගලික අපහසුතාවක් හේතුවෙන් අධිකරණය හමුවට පැමිණීමට අපහසු තත්වයක් උද්ගත වී තිබෙන හෙයින් මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

    ඒ අනුව මෙම නඩුව ලබන මාර්තු මස 18 දා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළා.

    මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී එහි පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින අජාහාන් ගාර්දිය පුංචිහේවා යන අය අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

    2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුවූ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 688,762,100 කට අධික පාඩුවක් සිදු කිරීම තුළින් පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අධි චෝදනා 23 ක් යටතේ නීතිපතිවරයා විසින් පසුගිය රහක් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන ඇලෝසියස් ,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය නම් කර තිබෙනවා.

    ඊට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අයද විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

    Last modified on සිකුරාදා, 19 පෙබරවාරි 2021 22:54

    Latest News