ෆ්ලයි ඩුබායි ගුවන් ගමන් යළි කටුනායකට

පෙබ 18, 2021

    ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ගුවන් ගමන් අද අලුයම සිට යළි ආරම්භ කර තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා නවතා දමා තිබිණ.

    ඒ අනූව ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ පළමු ගුවන් යානය ඩුබායි සිට මගීන් 58 දෙනෙක් රැගෙන අලුයම 12.50ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    එම ගුවන් යානය අලුයම 1.50ට ගුවන් මගීන් 166 දෙනෙක් රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් යළි ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

    ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකටම දින දෙකක්, එනම් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා අලුයම ඩුබායි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 පෙබරවාරි 2021 13:15

    Latest News