අප්‍රේල් 01 සිට ඝණ ආහාරයට වර්ණ සංකේතයක්

ජන 28, 2019

    බෝනොවන රෝග පාලනයට පැනවු වර්ණ සංකේත අනෙකුත් ඝණ ආහාර සදහා අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

     ජනතාව අධික සීනි, ලුණු සහ තෙල් භාවිතා කිරීමෙන් බෝනොවන රෝග වලට ගොදුරුවීම දිනෙන් දින වැඩිවෙමින් පවති.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒ පිළිබදව අවධානය යොමු කර දියවැඩියා රෝගීන් අවම කිරිමට පැණිබීම වලට වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බවට තීන්දු කළේය. එම වර්ණ සංකේත ක්‍රමය 2017 වසරේ සිට ක්‍රියාත්මක විය. 

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර සදහා වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම පිළිබද තිරණයට එළඹ ඇත. 1980 අංක 26 දරණ ආහාර පනත අනුව නව නියෝගය අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ පාරිසරික හා ආහාර සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතාට උපදෙස් දී ඇත.

    ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර වල අධික සීනි, ලුණු සහ මේදය අඩංගුවේ නම් ඒ සදහා වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප්‍රධාන රාමුවේ ප්‍රදර්ශනය කළ යුතු වේ. ජනතාව පැණිබීම මිලදී ගැනීමේ වර්ණ සංකේත වලට දැක්වූ අවධානය ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර මිල දී ගැනීමේ දී යොමු කරනු අති බව සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි. 2018 වසරේ දී ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර නිෂ්පාදකයින්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

    Latest News