සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව මිස වැඩකරන්නෑ - අමාත්‍ය කෙහෙළිය

පෙබ 09, 2021

    සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වනවා මිස ප්‍රතිපත්තියෙන් පිට කිසිම දෙයක් ක්‍රියාත්මක නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කොළඹ ලංකා බැංකු ගොඩනැඟිල්ල සහ සුදර්ශි ශාලාව වෙනත් රටකට ලබා ගැනිම සඳහා ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් රජයේ මතය කුමක් ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.

    එමෙන්ම, අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය; “ඉල්ලීම් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබේ. නමුත්, ඉල්ලීමට අදාළව දෙනවද නැද්ද යන්න රජය සතු තීරණයක්” යනුවෙනි.

    Latest News