අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා  කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
 
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොණුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
 
සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන නියෝගයක්  නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා. 
 
පෙත්සම්කාර රඹුක්වැල්ල මහතා කියා සිටින්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉකුත් පෙබරවාරි මස 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවයි.
 
එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන යන්න මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා.
 
තමන්ව අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
 
එමෙන්ම පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර රඹුක්වැල්ල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට තිබෙන නඩුව "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා දෙසැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා.

‍ඖෂධ ඇනවුම් කිරීමේ දී මසක ඇනවුම් වෙනුවට තෙමසක ඇනවුම් එකවර සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන් වෙත ඊයේ උපදෙස් දුන්නා.

ඉදිරියේදී කොරෝනා එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් ව්‍යසනය ආරම්භයේ සිට ඇති වූ වසංගත රැළි පරාජය කිරීම සඳහා මෙරට ශක්තිමත් මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ ශක්තිමත් නායකත්වය ඉවහල් වූ බව, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

2018 සහ 2019 වසරවල පොහොර ආනයනය විශාල වශයෙන් සිදු කිරීම නිසා මෙම කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය තිබෙන බවත්, මෙම කන්නයේ පොහොර හිඟයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) ප්‍රකාශ කළේය.

ගත වූ පැය 48 ක කාලය තුළ ඉතිහාසයේ ප්‍රථම වතාවට තැපැල් දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ලැබීමට සමත්ව තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සදහන් කළේය.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍ය කහෙලිය රඹුක්වැල්ල මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.

උත්සව සමයේ සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙස ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Latest News