පෙබරවාරි සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක්

ජන 23, 2021

    පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට සෘජු ආනයනකරුවන් හා නිෂ්පාදකයින් එකඟ වී තිබේ.

    දේශීය නිෂ්පාදකයින් හා සෘජු ආනයනකරුවන් සමග රැස්වීමක් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණ. දිවයින පුරා පිහිටුවා ඇති සතොස සහ සමූපකාර අලෙවිසැල් සඳහා භාණ්ඩ ලබා ගැනීමේ දී ඒ ඒ ආයතන විසින් තනි තනිව සිදු කරන ලද ක්‍රියාවලිය වෙනුවට නිශ්චිත අලෙවිකරුවන්ගෙන් නිශ්චිත ක්‍රමවේදකයක් භාවිතයෙන් සතොස හා සමූපකාර අලෙවිසැල් සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් මගින් භාණ්ඩ ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇති ආකාරය අමාත්‍යවරයා මෙහිදී පැහැදිල් කරන ලදී.

     

    0105 page 001

    Latest News