මෙරට රෝහලක දී පළමුවරට කළ කර්ණ ශංඛ බද්ධ සැත්කම (වීඩියෝ)

පෙබ 07, 2021
  • මෙරට රෝහලක දී පළමුවරට කර්ණ දෙකම සඳහා එකවර කර්ණ ශංඛ බද්ධ සැත්කමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද සාර්ථකව සිදුකෙරුණා.

    ඊට දායක වූයේ එම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජිවනි රූපසිංහ මහත්මිය ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක්. උපතින්ම ශ්‍රවණාබාධ සහිත අවුරුදු 2 මාස 4 ක දරුවෙකු සැත්කමට භාජනය කෙරුණු අතර පැය 7කට වැඩි කාලයක් ඊට ගත වී තිබෙනවා.

    විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජිවනි රූපසිංහ මහත්මිය...

    "මේ කර්ණ ශංඛ දෙකම බද්ධ කිරීම ඉතාම සාර්ථකයි. 100%ක් සාර්ථකයි. බලාපොරොත්තු වෙනවා තව සති තුනකින් මේ කර්ණ ශංඛය ඇක්ටිවේට් කරහම මේ දරුවාගේ ශ්‍රවණයට යථාතත්වෙට පත් වෙලා, ඇයගේ කථන හැකියාව දියුණු වෙලා සමාජයේ හොඳ පුරවැසියෙක් හැටියට ඉදිරියට මුහුණ දෙන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා."

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 23:16

    Latest News