ලක්ෂ 10ක මත් පෙති අත්අඩංගුවට (වීඩියෝ)

ජන 26, 2019

    ලක්ෂ දහයක් වටිනා මත් පෙති තොගයක් සහ එ්වා ජාවාරම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමන්තුරේ පොලීසිය සමත්වේ.

    කොළඹ සිට කල්මුණේ දක්වා ධාවනය කරනු ලැබූ බස් රථයක ගමන් ගත් වයස 19ක පුද්ගලයෙකු සතුව මෙම මත් පෙති තොගය තිබී ඇත. සම්මන්තුරේ පොලිසියේ දූෂණ අපරාධ අංශය මගින් අද(26) අත්අඩංගුවට ගන්නා විට මත් පෙති 15,000ක් පමණ තිබී ඇත.

    අත්අඩංගුවට පත් සැකකරු කලක පටන් ප්‍රදේශයේ මත් පෙති බ‍ෙදා හරින්නෙකු බවට තොරතුරු ලැබී තිබූ බව පොලීසිය පවසයි.

    පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් තහනම් ඖෂධ ගෙන්වා බ‍ෙදා හරිනු ලබන මෙම පුද්ගලයා සමග තව පුද්ගලයින් රැසක් සිටින බවත් අම්පාර, කල්මුණේ, අක්කරපත්තු, පොතුවිල් ඇතුළු ප්‍රදේශ ගණනාවක මත් පෙති බෙදා හැරිමට මෙම පුද්ගලයා මූලික වී ඇති බවත් පොලිසිය පවසයි.

    මෙම සැකකරු සම්මන්තුරේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මෙම ජාවාරමේ අතරමැදියෙකු වශයෙන් කටයුතු කරන බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    ඊට සම්බන්ද අනෙක් පුද්ගලයින්ද අත්අඩංගවට ගැනීමට සම්මන්තුරේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    Latest News