පානදුර ඝාතනයට යොදාගත් ගිනිඅවියක් සොයාගැනේ

ජන 29, 2021

    පසුගිය 25 වැනි දින පානදුර,පල්ලියමුල්ල ප්‍රදේශයේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන ටී-56 ගිනිඅවිය සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

    ඒ වඳුරාමුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක තිබියදී. ත්‍රීරෝද රථයකින් එම පුද්ගලයා මොරටුවේ සිට පානදුර දෙසට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් වෙඩි තැබීම සිදුකර තිබිණ. ඝාතනය සිදුකළ පුද්ගලයින්ට නවාතැන් ලබාදී ඇති ස්ථානය පොලීසිය හඳුනාගෙන තිබේ. නවාතැන් දුන් පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

    මේ අතර, කොස්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත වතුරවිල ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ ටී-56 ගිනිඅවිවලට යොදා ගන්නා මැගසීන් 10ක් හමුව තිබේ.

    මේ අතර, මීටියාගොඩ පොලිස් වසමේ පසුගිය 26 වැනිදා තරුණයෙක් තියුණු ආයුධයකින් කපාකොට ඝාතනය කොට දකුණු අතේ කොටසක් මීටියාගොඩ නගරයේ තබායෑම සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් බලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

    Latest News