පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ගැටළු ගැන විමර්ශනයක්

ඔක් 24, 2018
    2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බලන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 
    පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීමේ දී පරස්පර ලකුණු ඉදිරිපත් කළ හා ප්‍රදර්ශනය කළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මෙමගින් අවධානය යොමුකරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
    රජය තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කර තිබේ.  එවැනි අවස්ථාවක ඇතැම් පාසල්වල නිලධාරීන් සිතාමතා හෝ වගකීම් විරහිතව හෝ මෙලෙස පරස්පර ලකුණු දෙමාපියන් අතරට පත්කිරීම කිසිවිටෙක අනුමත කළ නොහැකි බව, අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කරයි. 
     
    දරුවන්ට අසාධාරණයක් සිදුවී ඇත්නම්, ඒ පිළිබද මාපියන්ට තොරතුරු දැනගැනීමේ පනත හරහා සිය අයිතීන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.  ඒ සඳහා සාධාරණය ඉටු කිරීමට කැපවී සිටින බව, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.  
    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 12:38

    Latest News