සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ජූනි 01, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි.

    2021 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත් වීමට තිබූ සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් කල් දමා තිබු අතර පසුව මැයි 23 වනදා විභාගය ආරම්භ විය.

    මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින කිසියම් අපේක්ෂකයෙකුට ගංවතුර හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අපහසු නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට වාර්තා කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන සඳහන් කරයි.

    Latest News