රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ මේ වනවිට වසා දමා තිබෙන පාසල් විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාව හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව සහ අධ්‍යාපනය සැමට ලබාදීමේ අරමුණ ඇතිව ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජුලි මාසය තුළ විවෘත කිරීමට සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු මාසයේ පෙනී සිටින සිසුන්ට පමණක් බස්නාහිර පළාතේ පාසල්, සෞඛ්‍ය නිර්දේශවලට අනූව අද විවෘත කෙරේ.

හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ ද හෙට (25) සිට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘත කිරීමට නියමිතයි.

Latest News