සේනා මර්ධනය සහ වන්දි ගැන අගමැතිට වාර්තාවක්

ජන 25, 2019

    සේනා දළඹුවා මර්දනය සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබදව සතිපතා ලිඛිතව වාර්තාවක් මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරිමට කෘෂිකර්ම ඇමතිට පී. හැරිසන් මහතාට උපදෙස් දී තිබේ.

    ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ දී කෘෂි නිලධාරීන් දැනුවත් කරමින් අමාත්‍ය පි. හැරිසන් මහතා කියා සිටියේය. එ අනුව වගා හානි වූ ගොවීන් සඳහා වන්දි ලබාදීම කඩිනමින් කරන්නැයි අමාත්‍යවරයා විසින් නිලාධාරීන්ට උපදෙස් දෙන ලැබිණ. අග්‍රමාත්‍යතුමන් විසින් කඩිනමින් මුදල් වෙන්කිරීම උදෙසා නියෝග මුදල් අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බවත් ඔහු කියා සිටියේය.

    දළඹුවා මර්දනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය 5ක් මේ වන විට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මර්දනය කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය ස්වාභාවික ක්‍රමවේද අනුගමනය කරනවා නම්, එය ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවනු ඇතැයි අමාත්‍යවරයා අවධාරනය කළේය.

    කෘෂිකර්ම අමාත්‍යංශවය සේනා දළඹුවා මර්දනයට කිසිදු පියවරක් ගෙන නැතැයි නගන චෝදනාවට අමාත්‍යවරයා අදහස් පල කළේය. “කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිසිම කාර්යයක් කළේ නැහැ කියලා ඇතැම් අය මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියනවා. ඒ කියන්නේ අපි සියඹලා ගෙනල්ලම නැති ගාණයි. මා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් මොහොතේ සිට කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නිලධාරීන් මේ දළඹුවා මර්දනයට සහ පාලනයට දැඩි කැපවීමෙන් කටයුතු කළා. ඒ වගේම දැන් කියනවා මේ දළඹුවා බඩ ඉරිඟු, වී වගාවටත්, වී වගාවෙන් රනිල බෝගවලටත්, රනිල බෝගවලින් සිංහරාජ අඩවියටත් බෝ වෙනවා කියලා සමහරු කිව්වා. ඒ නිසා මේ සියල්ලන්ට ගිනි තබා විනාශ කළ යුතුයි කියලා කිව්වා. ඇතැම් අය හය හතරක් නොදැන රටට ගිනි තියන්න දගලනවා. මේ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධන බලකායක් නම් කරලා තියනවා. ඇතැම් රසායනික සමාගම් උවදුර පාලනය කරගන්න රසායනික ද්‍රව්‍යය තොග පිටින් ගේනවා. මේ කූඨ උපායන් අපි හොඳින් දන්නවා. සේනා මැඩලන්න දෙපාර්තමේන්තුවත් අපිත් වගකීමෙන් කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    Latest News