කොග්ගල ඇගලුම් කම්හලේ ආසාදිතයින් 75 දක්වා ඉහළට

ජන 18, 2021

    කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇගලුම් කම්හලේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (18) වන විට 75 දක්වා ඉහළ ගොස් තිබේ.

    හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. මේ වන විට කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇගලුම් කම්හල් 5ක සේවක සේවිකාවන් 75 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද හෙතෙම පවසයි.

    ඊයේ රාත්‍රී කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙක් අලුතෙන් හඳුනාගත් බව ද හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

    අද (18) වන විට එක් ඇගලුම් කම්හලකින් ආසාදිතයින් 36 දෙනෙක් හා අනෙක් ඇගලුම් කම්හලින් ආසාදිතයින් 33 දෙනෙක් තවත් ඇගලුම් කම්හල් තුනකින් ආසාදිතයින් දෙදෙනා බැගින් වාර්තා වී ඇති බව ද ඒ මහතා පවසයි.

    දින 8ක කාලයක් තුල මෙම රෝගීන් වාර්තා වී ඇති බව සඳහන් කළ හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ වන විට මෙම ඇගලුම් කම්හල් 5 තුල කොරෝනා ආසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් නිවෙස්වල නිරෝධායනය කොට ඇති බව ද ඔහු පවසයි. සේවක සේවිකාවන් 1000කට ආසන්න පිරිසක් රැපිඩ් ඇන්ටිජන් හා පීසීආර් පරීක්ෂණවලට ලක්කොට ඇති බව ද හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සදහන් කරයි.

    Latest News