වේයන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 28කට කොරෝනා

පෙබ 05, 2021

    වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 28 දෙනෙක් කොරෝනා ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන්පසු එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    එම ආසාදිතයින් 28 දෙනා සමීපව ඇසුරුකළ ආශ්‍රිතයන් 145 දෙනෙක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබේ.

    කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 540 දෙනෙක් PCR පරික්ෂණය සදහා යොමු කර ඔවුන්ව ද නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබේ.

    Latest News