නිරෝධායන නීති කැඩූ තවත් පිරිසක් අත්අඩංගුවට

ජන 11, 2021

    නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 34 දෙනෙක් පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

    ඒ අනුව, ඔක්තෝබර් මස 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2415 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ගෙන් 2250 දෙනෙක්ට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති බව වාර්තා වෙයි.

    Last modified on සදුදා, 11 ජනවාරි 2021 10:08

    Latest News