මාලිගාවත්ත හා දෙමටගොඩ හුදෙකලා තත්වයෙන් ඉවතට

ජන 11, 2021

    කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග හුදෙකලා කෙරුණු ග‍්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත හා දෙමටගොඩ යන පොලිස් බලප‍්‍රදේශ අද අලූයම 5.00 සිට එම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරිණ.

    එම ප‍්‍රදේශ දින 66කට වැඩි කාලයක් හුදෙකලා තත්ත්වයෙන් පැවතින.

    මීට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග‍්‍රාම නිලධාරී වසමේ දූව වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමේ වෙඩිකන්ද සහ මීගමුව පොලිස් වසමේ තල්දූව ග‍්‍රාම නිලධාරී වසමේ ඵක්‍ නිවාස යෝජනා ක‍්‍රමය අද අලූයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරිණ.

    Latest News