වෛද්‍ය පාලිත අබේ‍කෝන් WHO විශේෂ නියෝජිතයෙක් ලෙස පත්කෙරේ

ජන 09, 2021

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේ‍කෝන් මහතා කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් ලෙස පත්කර තිබේ.

    එම පත්කිරීම සිදුකරනු ලැබ ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අදනොම් විසින්. ලොව පුරා ව්‍යාප්ත කොවිඩ් 19 වෛරසයට ගෝලීයව ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ලොව විවිධ ප්‍රදේශ සම්බන්ධකර ගනිමින් උපාය මාර්ගික උපදෙස් ලබාදීම සහ ඊට අදාළ ඉහළ පෙළේ දේශපාලන සාකච්ජා සඳහා 6 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නියෝජිත පිරිසක් පත් කෙරිණ.

    ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 21 වැනි දිනයි. එම පිරිස අලුත් කරමින් විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ද ඊට ඇතුළත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අදනොම් මහතා විසින් පියවර ගනු ලැබීය.

    විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මීට පෙර ලෝක සෞඛය සංවිධානයේ දකුන නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ සෞඛ්‍ය පද්ධති සංවර්ධන අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කර තිබෙන ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙක් ද වෙයි. අබේකෝන් මහතා ජිනීවා සදර්න් කැලිෆෝනියා සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ පශ්චාත් උපාධි අධ්‍යාපනය සහ පුහුණුව ද ලබා තිබේ.

    Latest News