අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.
ඊයේ (04) පස්වරුවේ සිට එම ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බව 'කොවිඩ් -19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.