සරත් එන්. සිල්වාට එරෙහි පෙත්සම කැඳවීම 2/7

ජන 23, 2019

    අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ලබන මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

    අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර, හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවනු ලැබිණ.

    විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවේය.

    හිටපු අගවිනිසුරු සරත්. එන් .සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කියා සිටියේ සිය සේවාදායකයා මෙම නඩුව විභාගයට ගැනීම සඳහා සූදානම් බවයි.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පෙන්වා දුන්නේ චෝදනා විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ සහාය ගැනීම අවශ්‍ය බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල ලබන 07 වන්දා සලකා බැලීමට ද නියම කළ එදින නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකුටද අධිකරණ පෙනී සිටින්නැයි දන්වා අධිකරණය නොතීසියක් නිකුත් කළේය.

    ඉකුත් ඔක්තෝම්බර් මස 18 වනදා කොළඹ පැවති මහජන රැලියකදී අදහස් දැක්වූ හිටපු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති බව පැමිණිලිකරුවන් කියා සිටි. ඔහු අධිකරණයට අපහාසයක් සිදු කරන බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

    Last modified on බදාදා, 23 ජනවාරි 2019 15:55

    Latest News