පළාගිය රැඳවියන් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

දෙසැ 31, 2020

    කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය බන්ධනාගාර රැදවූවන් පස්දෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි. පොළොන්නරුව, ගල්ලෑල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් පළාගොස් ඇත්තේ අද (31) අලුයමයි.

    මෙම බන්ධනාගාර රැදවූවන් 5 දෙනා මීගමුව බන්ධනාගාරයේ සිට කෝවිඩ් ආසාදිත විම හේතුවෙන් ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පුද්ගලයන්. ඉන් එක් අයෙකු 31 හැවිරිදි දඹල්ලගේ බුද්ධික විමලරත්න යන අයයි.

    වෙන්නප්පුව, නැගෙනහිර වාඩිය, සුදුවැල්ල පාර ලිපිනයේ පදිංචි මද්දුමරාලලාගේ කවිදු මධුෂාන් යන අය ද මෙසේ පලාගොස් තිබේ.

    ඔහු 27 හැවිරිදි අයෙක්. 26 හැවිරිදි විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි යන අයද අද අලුයම පලාගිය අය අතරට අයත්. මාරවිල, පරුෂ පාර දෙවන හරස්වීථිය ලිපිනයේ පදිංචි ඔහු 26 හැවිරිදි වියේ පසුවෙයි.

    ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා නමැති පනස් දෙහැවිරිදි රැදවූවා ද පලාගිය අය අතරට අයත්.

    ඔහු වයික්කාල, අංගම්පිටිය, අඹගහ කොලනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බොරලැස්ස ජය මාවත පාර ලිපිනයේ පදිංචි 36 හැවිරිදි පී කේ සුමිත් පුෂ්පකුමාර යන අය ද අද අලුයම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය අයෙක්.

    මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බවයි පොලීසිය පවසන්නේ. 119 හදිසි ඇමතුම් අංකයට හෝ 071- 859 12 33 අංකයට මොවුන් පිළිබද තොරතුරක් වෙතොත් දැනුම්දිය හැකියි.

    එම පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැන්විය හැකිය.

    මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව - 0718 591 233 හා 119

     

    31111307gossiplanka

    Latest News