කාත්තාන්කුඩි ප්‍රදේශය දින 5ක් හුදෙකලා කෙරේ

දෙසැ 31, 2020

    කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර තිබේ.


    මඩකලපුව නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයින් හා හිම්කරුවන්ට ඊයේ (30) දවස පුරා කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 549කින් 26 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    එයින් ආසාදිතයින් 23ක් කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.

    ඒ අනූව එම ප්‍රදේශය අද සිට හුදකලාභාවයට පත්කර තිබේ.

    Latest News