'ගම සමග පිළිසඳර' 4වැනි අදියර කණුගහවැව ගම්මානයේදී

දෙසැ 30, 2020

    ජනතා ගැටලු පිළිබඳ සොයා බැලෙන ගම සමග පිළිසඳර වැඩ සටහනේ සිව්වැනි අදියර,කැබිතිගොල්ලෑව,කණුගහවැව ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙයි.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්.

    කණුගහවැව ගම්මානය ආශ්‍රිතව වෙසෙන පවුල් සංඛ්‍යාව 300කට අධිකයි. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය,කුඹුරු ගොවිතැන හා ගොඩ ගොවිතැනයි. ස්ථීර නිවසක් නොමැතිකම හා සනීපාරක්ෂක පහසුකම් අඩුවීම මෙම ගම්වාසීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවයි.

    ප්‍රදේශයේ අතුරු මාර්ග පද්ධතිය ද ඉතා අබලන් තත්වයේ පවතියි. ඉඩම් හිමිකම් නොමැතිවීම ඇතුළු ගම්වාසීන් මුහුණපාන ගැටලු සොයා බලා ඒවාට විසඳුම් ලබාදීම සඳහායි,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද උදෑසන කණුගහවැව ගම්මානයට පැමිණියේ.

    Latest News