කොරෝනා මරණයක් නිසා පාදුක්ක,ගලගෙදර හුදෙකලා කෙරේ

දෙසැ 30, 2020

    පාදුක්ක,ගලගෙදර නැගෙනහිර ග්‍රාමසේවා වසම අද දිනයේ සිට හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර තිබේ.

    ඉකුත් 24 වැනිදා මෙම ප්‍රදේශයේ පුද්ගලයෙක් නිවසේ දී මියගොස් ඇති අතර ඉන් පසුව සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂාවෙන් ඔහු කොවිඩ්19 රෝගියෙක් බවට හඳුනාගනු ලැබීය.

    පසුව මෘත දේහය,අවිස්සාවේල්ල රෝහලට රැගෙන යාමට පියවර ගැනිණ.

    මරණය සැලවූ අවස්ථාවේ නිවසට පැමිණි පිරිසෙන් 40 දෙනෙක් සඳහා කෙරුණු පීසීආර් පරීක්ෂාවල දී 26 දෙනෙක්ට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු විය.

    ඉන් පසු පාදුක්ක,ගලගෙදර ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගැනිණ.

    Last modified on බදාදා, 30 දෙසැම්බර් 2020 13:49

    Latest News