කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු තාවකාලිකව නවතී

නොවැ 22, 2020

    කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යාල සාමාජිකයින් 14 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඇතැම් නිලධාරීන් තැපැල් බෙදීම් හා ඖෂධ බෙදීම් රාජකාරී සඳහා අනෙකුත් තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත ගොස් ඇති බැවින් සෞඛ්‍ය උපදෙස් මත දිස්ත්‍රික්කයේ සියලූම තැපැල් හා උපතැපැල් කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.

    ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලූම තැපැල් සේවා කටයුතු අත්හිටුවා ඇත.

    තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදීම් කටයුතු ද නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවන අතර ඒ සඳහා විකල්ප වැඩපිළිවෙලක් වයඹ පළාත් ප්‍රධාන ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ද තැපැල්පතිවරයා සඳහන් කරයි.

     

    post01.jpg

    Latest News