මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර 28,498ක්

දෙසැ 13, 2020

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ 'කොවිඩ්-19' වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 28,498ක් වෙයි.

    ඉන් පුද්ගලයින් 19,896 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඒ අනූව, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ පොකුරේ ආසාදිතයින් 3,059ක් වන අතර පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුරේ ආසාදිතයින් 25,439ක් වෙයි.

    ඊයේ (12) දින වන විට ශ්‍රී ලංකාව තුළ 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 32,134ක් වන අතර ඉන් පුද්ගලයින් 23,303ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

    ඊයේ දින වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 8,682ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (13) උදෑසන 6.00 වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 473ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    ඊයේ දිනය තුල 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් ඉඹුල්ගොඩ සහ කොළඹ 15 ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. ඒ අනූව, මෙරට මුළු කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 149ක් වෙයි.

    Latest News