නිරෝධායන නීතිකැඩූ 60ක් අත්අඩංගුවට

දෙසැ 13, 2020

    ගතවූ පැය 24ක කාලය තුළ නි‍රෝධායන නීති උල්ලංඝණය කිරීම හා මුව ආවරණ නොපැළඳීම හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1,349ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලීසිය ප්‍රකාශ කළේ.

    නිරෝධායන නීතිවලට අනුගත වෙමින් සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

    Latest News