මෙරටින් තවත් ආසාදිතයින් 760ක්

දෙසැ 13, 2020

    ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 760 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 4 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් වන අතර තවත් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි විදේශීය පුද්ගලයෙක් ලෙස වාර්තා වෙයි.

    ඉතිරි පුද්ගලයින් 755 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් වෙයි.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 397ක් ලෙසයි.

    ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 136ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55ක් ලෙස වාර්තා වෙයි.

    Latest News