සීතාවක කර්මාන්තශාලාවෙන් තවත් ආසාදිතයින් 4ක්

දෙසැ 12, 2020

    සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්තශාලා දෙකකින් තවත් 'කොවිඩ්-19' රෝගින් සිව් දෙනෙක් හඳුනාගෙන තිබේ. ඒ අනූව එම අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා 8 කින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත 'කොවිඩ්-19' ‍රෝගීන් ගණන 93ක්.

    මේ අතර, 'කොවිඩ්-19' එක් පුද්ගල මරණයක් ඊයේ වාර්තා විය. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2ක කාන්තාවක් 'කොවිඩ්-19' රෝගය වැළඳී මුල්ලේරියාව මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.

    මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සහ කොවිඩ් නියුමෝනියාවයි.

    Latest News