කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.
2020 ජනවාරි මස 09 වැනි දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි මස 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පළිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ ආශ්රිත පසුබිම සොයා බැලීම කොමිෂන් සභාව වෙත පැවරිණ.
කොමිසමබරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කර ඇත.
පුවත් පත් දැන්වීමට අනුව ලැබුණු පැමිණිලි 1971ක් විමර්ශනයට ඉදිරිපත් කර තිබිණ. වාර්තාව වෙළුම් 03 කින් සහ පිටු 2043කින් සමන්විතය.
ත්‍රිවිධ පුද්ගල කොමිසමේ සෙසු සාමාජිකයෝ වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරු ද, කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.