අඹගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 25ක්

දෙසැ 08, 2020

    අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් - 19 රෝගීන් 25 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඊට ගිනිගත්හේන, කෙනිල්වත්ත, බ්ලැක්වෝටර් වතුයායේ පුද්ගලයින් 19 දෙනෙක් අයත්. මේ හේතුවෙන් එම වතුයාය ආශ්‍රිතව සංචරණ සීමා පනවා තිබේ.

    කොවිඩ් - 19 රෝගය වැළඳුනු අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේ සහ හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් ඇතුළු 23 දෙනෙක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ඊයේ යොමු කෙරිණ. ඔවුන් කළුතර, දර්ගා නගරයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    Latest News