මෛත්‍රී මාධ්‍යවේදීන්ගෙන් සමාව ගනී

ජන 19, 2019

    මතලේ පළාත් පාලන ආයතනයන්හි පවතින ගැටලු සොයා බැලීමට මධ්‍යම ආණ්ඩුකාර පැමිණි අවස්ථාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට බාධා එල්ල කිරිම ගැන මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා සමාව අයද සිටියේය. 

    ආණ්ඩුකාරවරයාගේ රැස්වීම මාධ්‍යවේදීන්ට වාර්තා කිරිමට නොහැකි බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් අද කියා සිටියේ.

    මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් පිටව ගිය අතර පැය දෙකහමාරක පමණ සාකච්ඡාවෙන් අනතුරුව පැමිණි මෛත්‍රි ගුණරත්න මහතාගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසා තිබේ. එහිදී ඔහු කියා සිටියේ පෞද්ගලික ප්‍රශ්න පිළිබඳව කතා කෙරුණු බවයි. ඒ නිසා ඇතැම් විට මාධ්‍යවේදීන්ට ඇතුලට නොගත් බවත් සඳහන් කළේය. පෞද්ගලික සාකච්ඡා පවත්වන්නේ නම් රජයේ ගොඩනැගිලි රජයේ යාන වාහන සහ රජයේ මුදල් වියදම් කළේ ඇයි දැයි මාධ්‍යවේදීහු නව ආණ්ඩුකාරයාගෙන් විමසා සිටියේය. එවිට අණ්ඩුකාරවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර සිටියේ අපහසුතාවයක් වූයේ නම් සමාව අයදින බව යි.

    පසුව ඔහු සහ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් දඹුල්ල මහ නගර සභාව ක්‍රියාත්මක කරන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන නිරීක්ෂණය කළේය. දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය ස්ථානය නිරීක්ෂණයට එක් කිරීමෙන් පසුව දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ ඉදි කෙරෙන නව කොම්පෝස්ට් මධ්‍යස්ථානය නිරීක්ෂණයට කළේ ය. මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන වල සහ පොලොන්නරුව, හබරණ කැකිරාව ආදී ප්‍රදේශවල ප්‍රාදේශීය සභා සහ නගර සභා වලින් ඉවත් කරන අපද්‍රව්‍ය මෙම ස්ථානයට රැගෙන එන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත කියා සිටියේය.

    Latest News