මෙරට කොවිඩ්19 ආසාදිත 19,770 න් 13,589 කට සුවයි

නොවැ 22, 2020

    ඊයේ (21) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 19,770 ක් වන අතර ඉන් පුද්ගලයින් 13,589 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ඊයේ (21) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,098 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (22) දින උදෑසන 0600 වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 319 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයා කො‍ළඹ 02, වැල්ලම්පිටිය, දෙමටගොඩ, කොළඹ 10, කොළඹ 13, වැල්ලවත්ත, වැල්ලම්පිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (22) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ඊයේ (21) දිනය තුල PCR පරික්ෂෙණ 10,514 ක් සිදුකර ඇත.

    Latest News