තවත් ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

නොවැ 20, 2020

    අද (20) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 02 ක් දිවයිනට පැමිණ තිබේ.

    UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඔස්ට්‍රේලියාවට සිට පුද්ගලයින් 52 ක් සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 12 ක් මෙරටට පැමි‍ණ ඇත.

    එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (20) දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් තුළ පුද්ගලයින් 3,812 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (19) දිනය තුල PCR පරික්ෂිණ 10,356 ක් සිදුකර ඇත.

    Latest News