මැනිං වෙළෙඳපොළ අද(20) සිට පෑලියගොඩට

නොවැ 20, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) විවෘත කිරීමට නියමිතයි.

    වෙළෙඳ සංකීර්ණයයේ වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් යුක්ත වේ.

    එසේම බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත අතර සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන ඒ තුළ ඉදිකර තිබේ.

    කොළඹ අධික රථවාහන තදබදයට එක් විසඳුමක් ලෙස හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණ කිහිපයක් හේතුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණය මෙලෙස පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේය.

    ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

    එසේම පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් කොළඹට එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට සහ කොළඹින් පිට ප්‍රදේශ වලට රැගෙන යාමට අවස්ථාව හිමි වේ.

    වඩා ඉඩ පහසුකම් වලින් යුත් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ කටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.

    ඔහු සඳහන් කළේ, මෙම වෙළෙඳ සංකීරණයේ පරිපාලනය සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක් පත් කරන බවයි.

    මෙරට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං මහතාගේ මග පෙන්වීම මත මෙම වෙළෙඳපොළ වෙළෙඳුන්ට ලබා දී තිබිණ.

    Last modified on සිකුරාදා, 20 නොවැම්බර් 2020 10:26

    Latest News