ධීවර ගැටළුවලට සවන් දෙන්න සජිත් අද ධීවර සමුළුවට

ඔක් 21, 2019

    ජාතික ධීවර මහා සමුළුව අද (21) පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    මේ සඳහා රට වටා විසිරි සිටින ධිවර ප්‍රජාව නියෝජනය කරමින් පන් දහසකට (5000) අධික ධීවර ජනතාවක් මීට එක්වීමට නියමිතයි.
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාගේ සංවිධාන දායකත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා මැති ඇමැතිවරුන් රැසක් මේ ජාතික ධීවර මහා සමුළුවට සහභාගි වීමට නියමිතයි.

    යෝජිත ධීවර ප්‍රඥප්තිය සඳහා ධීවර ප්‍රජාව ඉදිරිපත් කරන යෝජනා, උතුරු නැඟෙනහිර හා දකුණේ ධීවර ජනතාව ඉදිරිපත් කරන ධීවර ක්ෂේත්‍ර ගැටලු, මෙතෙක් නොවිසඳුනු ධීවර ප්‍රජාවගේ සමාජීය ගැටලු පිළිබඳ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත මෙහිදී ඉදිරිපත් කෙරේ.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 08:11

    Latest News