බේරුවල කුඩු සිද්ධියට තවත් 04ක් ඇතුලට

ජන 18, 2019

    බේරුවල ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 231 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයට බාර වූ තවත් සැකකරුවන් හතර දෙනෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම සැකකරුවන් හතර දෙනා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට බර වුයේය. ඒ අනුව මෙම සැකකරුවන් හතර දෙනා ලබන 25 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවේ හිමිකරු ඇතුළු තවත් සැකකරුවන් හතර දෙනෙකු දැනටමත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Latest News