පොහෝට්ටුවේ කුලතිස්සට තද අවවාදයක්

ජන 18, 2019

    ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයට ඔක්තෝබර් 28 වනදා අයුතු ලෙස ඇතුල්වීම හා අයුතු ජනරාශිය යන චෝදනාවට බන්ධනාගාර ගත කර සිටි කොළඹ නගර සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කලේය.

    ඒ අනුව සැකකරුට රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ වාර්තා කළ යුතු බවටද කොන්දේසියක් පනවනු ලැබිණ.

    ඇප මත නිදහස් වීමෙන් පසුව සාමය කඩවන ක්‍රියාවල නිරත වීමෙන් වළකින මෙන් සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරිය එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වූවොත් ඇප අවලංගු කොට යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද කොන්දේසියක් පනවනු ලැබුවා.

    කලාහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තවත් සැකකරුවකු ලබන 25 දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කළා. ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයට තුළ ඇතිවූ කලාහකාරී සිද්ධිය අවස්ථාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.

    ඒ අනුව අදාළ සැකකරු ලබන 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කෙරිණ.

     

     

     

     

     

     

     

    Latest News