පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය විවෘත කිරීමෙන් පසු ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට

නොවැ 17, 2020

    පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල විවෘත කිරීමෙන් පසු ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමයට මුදල් හුවමාරු කිරීම ගැන අමාත්‍යය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි සොයා බලයි.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හැකි ඉක්මණින් විවෘත කිරීමෙන් පසු මුදල් හුවමාරුව ඔන්ලයින් (මාර්ගගත ක්‍රමයට) කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා 2020.11.17 වැනි දින අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් සකච්ඡාවක් ධීවර අමාත්‍යාාංශයේදී පවත්වන ලදි.

    තවද මෑතකදී දේශීය ටින් මාලු නිෂ්පාදකයින් හා මුහුදු ආහාර අපනයනකරුවන් මුහුණ පා ඇති දුෂ්කරතාවයන් පිළිබඳව ද මෙහිදී සොයා බලන ලදි.

    ධීවර කර්මාන්තය විධිමත් කිරීම සහ ගුණාත්මක මුහුදු ආහාර රට පුරා සාධාරණ මිලකට ලබා ගත හැකි වතාවරණයක් උදාකර දීම සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විවිධ උත්සාහයන් දරමින් සිටී.

    ඒ අනුව, පෑලියගොඩ මතස්‍ය වෙළදපොලේ ව්‍යාපාරමය කටයුතු නැවත ආරම්භ කිරීමේ උත්සාහයේ පළමු පියවර ලෙස තොග ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම පිළිබදවත් සාකච්ඡා කරන ලදි.

    මෙම තත්වය යටතේ මුදල් නෝට්ටු ගණුදෙනු කිරීමෙනුත් කොරෝනා වෛරසය පැතිරෙන බව සනාථ කර ඇති හෙයින්, තොග මත්ස්‍්‍ය වෙළද කටයුතු වලදී මුදල් නෝට්ටු හුවමාරුව වෙනුවෙන් ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමයට මුදල් හුවමාරුව ක්‍රියාත්මක කිරීම පිළිබදව ලංකා බැංකු නිළධාරීන් සමග සාකච්ඡා කරන ලදි.

    එසේම ධීවර අමාත්‍යවරයා හමු වු දේශීය ටින් මාලු නිෂ්පාදකයින් හා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් තමන් මුහුණ දෙන ගැටළු පිළිබදව පැහැදිලි කල අතර, එයට විසදුම් ලබා දෙන්නේ නම් සැලකිය යුතු විදේශ විනිමයක් රටට ලබාදීම සදහා තමන්හට දායක විය හැකි බවට සහතික විය.

    මේ පිළිබදව අදහස් දක්වමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තමන් ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් සමග සාකච්ඡාකොට දේශීය ටින් මාලු නිෂ්පාදකයින් හා මුහුදු ආහාර අපනයනකරුවන්ටත් සාධාරණ විසදුමක් ලබා දෙන බව පැවසීය.

    මෙම සාකච්ඡාව සදහා ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, ලංකා බැංකු නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ ධීවර අධ්යාක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති කමල් අද්දරආරච්චි, මාළු අපනයන සංගමයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.

    Latest News