ඊයේ (15) වන විට කොවිඩ්‌-19 ආසාදනය වූ 11,494කට සුවයි

නොවැ 16, 2020

    ඊයේ (15) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්‌-19 ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 17,286 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 11,494 ක්‌ පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    එමෙන්ම ඊයේ (15) දින වනවිට රෝහල්‌ ගතව සහ රෝගීන්‌ රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින්‌ 5,734 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    අද (16) උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 13,780 ක්‌ වේ. ඉන්‌ පුද්ගලයින්‌ 8,070 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හල්‌ පොකුර ~ 3,106

    කොළඹ මාළු වෙළඳපලේ පොකුර ~ 10,674

    අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ ~ 19 ආසාදිත පුද්ගලයින්‌ 704 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන්‌ දේශියව පුද්ගලයින්‌ 701 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින්‌ 03 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ කොළඹ ප්‍රදේශයෙන්‌ ආසාදිතයින්‌ 541 ක්‌, ගම්පහ ප්‍රදේශයෙන්‌ ආසාදිතයින්‌ 39 ක්‌ සහ ගාල්ල ප්‍රදේශයෙන්‌ ආසාදිතයින්‌ 08 ක්‌ ලෙසත්‌ වාර්තා වේ.

    අද (16) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්‌ ගතව සහ රොගීන්‌ රැකබලාගැනීමේ මධාස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 171 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    තවද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තූළින්‌ කොවිඩ්‌ ~ 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 58 ක්‌ දක්වා ඉහළ ගොස්‌ ඇත.

    අද (16) දින උදෑසන වනවිට, කොවිඩ්‌ - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින්‌ 30,000 ක්‌ පමණ ස්වයං නිරෝධායනයට ලක්‌ කර ඇත.

    Latest News