දිවයිනේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක්

නොවැ 16, 2020

    දිවයිනේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද (16) දිනයේ සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින්තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි.100ට වැඩි තද වැසි බලාපොරොත්තුවිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News