තවත් කොරෝනා මරණ 2ක්

නොවැ 12, 2020

    කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙක් එම රෝහලේ දී මියගොස් තිබේ.

    1. කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගය සමග කොවිඩ් 19 ආසාදනය වීමයි.

    2. මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කොවිඩ් 19 නියුමෝනියාව සමග ද්විතීයික බැක්ටීරියා ආසාදනය වීමයි.

    ඒ අනූව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ‍ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 නොවැම්බර් 2020 16:55

    Latest News