මහින්දගෙන් හනුමන් රැඟුම් - රවී (වීඩියෝ)

ජන 17, 2019
  • මහින් රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම දේශපාලන වාසියට රට ගිනි තියන බව ඇමති රවි කරුණානායක මහතා පවසයි. 

    බුද්ධාගමට ප්‍රමුඛස්ථානය සහ අනෙක් ආගම් වලට සමතැන දී ඒකීය භාවය රැකිය යුතු බව ඔහු කියා සිටි. කියන දේ කරන, කරන දේ කියන්න පක්ෂයක් රටකට අවශ්‍ය බවත් මට්ටක්කුලිය, මෙතෝදිස්ත පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිල ඇදුම්, අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේය.

    රවී කරුණානායක අමාත්‍ය - "අපි දැන්වත් සියලු භේද අමතක කරලා, එකතුවෙලා මේ ගැටලු විසදාගත යුතුයි. පළමුව ජනතාව ජිවත් කරවිය යුතුයි. ඊලගට රටේ ප්‍රශ්න විසදිය යුතුයි. අළුත් ව්‍යවස්ථාව රටට ඔබිනවා, රටට අවශ්‍යයි කියලා කියන සැම දෙනාගේම අදහස් පරිදි කටයුතු කළ යුතුයි. එහිදී අපේ නායක ස්වාමීන් වහන්සේලා පවසන පරිදි පවතින ගැටළු විසදාගෙන ඉදිරියට යන්න ඕන. මේ වසර 71 ක් තිස්සේ කරපු සෑම දේකටම අපි දේශපාලන පක්ෂ වශයෙන් සෑම පක්ෂයක්ම වගකිවයුතුයි. බලයේ ඉන්නකොට එකක් කරනවා, බලය නැතිවුණාම තව එකක් කියනවා. දින 51 දීත් කළේ ඒකයි. දැන් කරන්නෙත් ඒකමයි. එක්කෙනෙක් අනෙකාට බෝල පාස් කරපු එකතමයි එදා ඉදලා සිද්ධ වුණේ. විපක්ෂය කරන්නේ දේශපාලන වාසි තකා රට ගිනිතියන එක පමණයි" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍යවරයා - "මේ රටේ ව්‍යවස්ථාව, කාලයට ඔබින මට්ටමෙන් වෙනස් විය යුතුයි. අපේ රටේ සියලු ආගමික නායකයින්ගේ ඉල්ලීම තමයි, රටට නව ව්‍යවස්ථාවක් හදුන්වා දෙනවා නම්, එය රටට, ජනතාවට ගැලපෙන මට්ටමේ එකක් වියයුතුයි යන්න. මහානායක ස්වාමීන් වහන්සේලා කියූ පරිදි අපි නිරවුල්ව ඉදිරි වැඩකටයුතු සිදුකළ යුතුයි. නමුත් වඩා ප්‍රභලව සමාජයේ පවතින ගැටලු අපි පළමුව විසදගෙන තමයි ඉදිරි වැඩකටයුතු වලට යොමුවිය යුත්තේ. අපි නිතරම ජනතාවගේ මතයට මුල් තැන දෙන්න ඕන. හැබැයි මොන ප්‍රශ්නයක් ආවත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීලා, අනෙක් ආගම් වලට සමතැන් දීලා, රටේ ඒකීයභාවය රැකගත යුතුයි. ඒකට විරුද්ධ යම් අදහස් තිබෙනවා නම්, සැමදෙනාම ඒකරාශී වෙලා එම විරුද්ධතා විමසා බලලා, නැති කරගත යුතුයි. නමුත් මෙම ව්‍යවස්ථාවට ඒවගේ විරුද්ධතා මතුවන්නේ නැහැ කියලා සියයට දාහකින් මට විශ්වාසයි“ යැයි පැවසීය.

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 10:53

    Latest News