කාබන් බද්ද රජයේ වාහන වලටත්

ජන 17, 2019

    2019 ජනවාරි මස සිට සියළුම වාහන සඳහා ක්‍රියාත්මක කාබන් බද්ද, රජයේ සියළුම වාහන වලට බ පැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

    විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන පමණ ක් මෙම බද්දෙන් නිදහස් කර ඇත. එ අනුව රජයේ වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

    රජය විසින් නිකුත් කරනු ලැබූ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෙම බද්ද ස්ථාපිත කර ඇත.

    සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරන ප්‍රථම වර්ෂයේදී හැර වාර්ෂික ආදායම් බලපත්‍රය අලුත් කර අවස්ථාවේ මෙම බද්ද අය කෙරේ. වාහන එන්ජින් ධාරිතාවය අනුව  ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද අය කෙරේ.

    අය කිරිම්  පහත දැක්වේ

    වාහන වර්ගය

    වසර 5ට අඩු

    වසර 5-10 අතර

    වසර 10ට වැඩි

    දෙමුහුන්

    පෙට්‍රල් /ඩීසල්

     ශත 25යි

    (ඝන සෙන්ටි මීටරයක් සඳහා)

    ශත 50 යි

    (ඝන සෙන්ටි මීටරයක් සඳහා)

    රුපියල් 1.00 යි

    (ඝන සෙන්ටි මීටරයක් සඳහා)

    තෙල්

    ඩීසල් /පෙට්‍රල්

    ශත 50යි

    (ඝන සෙන්ටි මීටරයක් සඳහා)

    රුපියල්1.00යි

    (ඝන සෙන්ටි මීටරයක් සඳහා)

    රුපියල්1.50යි

    (ඝන සෙන්ටි මීටරයක් සඳහා)

    මගී ප්‍රවාහන බස්රථ

    රු.1000/-යි

    රු.2000/-යි

    රු.3000/-යි

    මගී ප්‍රවාහන බස්රථ සඳහා වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස මෙම කාබන් බද්ද අයකරනු ලැබේ. වසර 5ට අඩු බස්රථ සදහා රුපියල් 1000/-ක්ද, වසර 5-10ත් අතර පැරණි බස්රථ සඳහා රුපියල් 2000/-ක්ද, වසර 10කට වඩා පැරණි බස්රථ සඳහා රුපියල් 3000/-ක් වන පරිදී බදු ගෙවිය යුතු වේ.

    රජයේ නීල හරිත ආර්ථික දැක්මේ පරිසර හිතකාමී පියවරක් වශයෙන් මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරේ.

    Latest News